Month September 2024

චීනයේ තරුබාරුකම 37%කින් ඉහළට

චීන ජනගහනයෙන් 37%ක් සථූලත්වයට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකින් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලයේ චීනයේ උද්ගත වී ඇති ආර්ථික ගැටලු මධ්‍යයේ ජනගහනයෙන් තුනෙක් එකක් ස්ථුලත්වයට පත්වීම විමතිය දනවනසුලු හෙළිදරව්වක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…

මැතිවරණයෙන් පැරදුණහොත් නැවත තරග නොකරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර…

ජනපති දළදා වැඳගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.

පෙළපාලි යාම තහනම්

පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ පෙළපාලි යාම තහනම් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබෙනවා. එහිදී මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර සතියක (දින 07) කාලයක් වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි ගමන් කිරීම තහනම් බවයි ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන්නේ.

මහජන ආරක්ෂක ලේකම් පත් කෙරේ

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

අභිනව ජනපති ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරුවේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පවත්වා ඇති…

නව ආරක්ෂක ලේකම් තුයියකොන්ත

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කිරීම සිදුකර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ය.

ශ්‍රී ලංකා අභිනව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 67 කට…

සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම් ධූරයට සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ සේවය කරයි. රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව…

ජනපති පත්කිරීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්…