Month September 2024

නව ආරක්ෂක ලේකම් වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (23) පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය පත්වීමට අදාළ රාජකාරින් නිල වශයෙන්…

රටේ ජනතාව විශාල බලාපොරොත්තු සමඟ මෙම ජයග්‍රහණය ලබා දී තිබෙනවා-මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති

ජයග්‍රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් හදන්නට විරුද්ධවාදීන් උත්සාහ කළත් අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු එවැනි කිසිදු කලබලයක් ඇති නොවුණු බවත් එය රටට අවශ්‍ය වී තිබුණු ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල…

විවිධ බාධක-කම්කටොලුවලට අනුර කුමාර මුහුණ දුන්නත් අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්හැරියේ නැහැ

විවිධ බාධක හා කම්කටොලුවලට මුහුණ දුන්නත් අනුර කුමාර දිසානායක මහතා තම අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්නොහැරියේ යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ. ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහානායක…

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනපතියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට අන්තිම විධායක ජනාධිපතිවරයා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) පැවසීය. එමෙන්ම ජනතාවගේ අරගලය ජයග්‍රහණය කර තිබෙන බවත් ප්‍රකාශ කළ හඳුන්නෙත්ති මහතා ඉතුරු වැඩ කටයුතු ටිකත් සාර්ථකව කර ගැනීමට…

නව ජනපතිට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ගලා එයි

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලෝක නායකයන් ඇතුළුව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක්කර තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගිතාව ගොඩනඟා…

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කැපවෙන්න සූදානම්-ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අභිනව ජනපති ජාතිය අමතයි

පාලකයෙක් තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නෑ: දන්න දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන වැඩ කිරීමට සූදානම්: දේශපාලකයන් සහ දේශපාලනය ගැන පුරවැසියන්ට ගෞරවයක් ඇති කීරීමට වෙහෙසෙනවා: රට ගොඩනැඟීමට අපේ ක්‍රියාදාමයට උදව් කරයි කියන විශ්වාසය මට තිබෙනවා:  ජනතාව…

ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහත්මිය මෙරට ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකර ඇති දැවැන්ත කාන්තා පෞරුෂයක් ලෙසයි සැලකෙන්නේ.

අනුරගේ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුණ ආරච්චිට

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත්කර තිබෙනවා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දුන්නා අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා…

වසර 5කට පසු ශ්‍රී ලංකාවේදී නවසීලන්තය පැරදවීමට හොඳම අවස්ථාවක්-අවසන් දිනයේ තීරණය දෙපැත්තට පැද්දෙයි

සංචාරක නවසීලන්ත පිල සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉතිරි කඩුලු දෙක අද අවසන් දිනයේදී ලබාගත යුතු අතර, නවසීලන්තය ජය ගැනීමට නම් එම අවසන් කඩුලු දෙක තුළදී තවත් ලකුණු 68ක් ලබා ගැනීම අනිවාර්ය වේ. එබැවින්…

ලෝක කුසලානය මවුබිමට රැගෙන ඒම එකම හීනයයි-ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද සාජා යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හා සාජා ක්‍රීඩාංගණවලදී තවත් දින 10කින් ආරම්භ වන විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මවුබිමට රැගෙන ඒම තමන්ගේත් කණ්ඩායමේත් එකම හීනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී…