Month September 2024

ඕමත්තේ සෝමානන්ද නාහිමියෝ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

දකුණුලක ගාලු දිසාවේ ඇල්පිටිය ඕමත්ත ග්‍රාමයේ ඉත්තපාන දූවගේ මාටින් උපාසක මහතා සහ උහන් ඕවිටගේ පොඩිනෝනා උපාසක මාතාව යන මවුපියන්ට දාව 1971 නොවැම්බර් මස 30 වැනි දින උපන් ඉත්තපාන දූවගේ සමන්ත නමැති කුමරුවා අට දෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය. ඕමත්ත කනිටු…

විපක්ෂ නායක සහ කාදිනල් මැල්කම් හිමිපාණන් අතර විශේෂ හමුවක්

තරාතිරම නොබලා පාස්කු දා ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පොරොන්දු වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර සුවිශේෂී හමුවක් පෙරේදා (11) කොළඹදී සිදු…

සැප්තැ­ම්බර් 21 ඡන්ද පොළට යන ඡන්ද දායක ප්‍රමා­ණය දිස්ත්‍රික්ක අනුව

මිලි­යන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දාය­ක­යින් අත­රින් වැඩි ම ඡන්ද දාය­ක­යින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ලියා­ප­දිංචි වී ඇති අතර, කොළඹ සහ කුරු­ණෑ­ගල දෙවන සහ තෙවන ස්ථාන­වල පසු වෙයි. මිලි­යන 17ක සමස්ත ඡන්ද දාය­ක­යින් අත­රින් මිලි­යන 4ක් ලියා­ප­දිංචි වී ඇත්තේ,…

පළමු පුද්ගලික අභ්‍යවකාශ ගමන දියත් කරයි

පුරෝගාමී පෞද්ගලික කාර්ය මණ්ඩලයක් වෘත්තීය නොවන ගගනගාමීන් විසින් කරන ලද පළමු අභ්‍යවකාශ ගමන අද ඉතිහාසගත වීමට නියමිතව තිබෙනවා. ෆින්ටෙක් ප්‍රකෝටිපතියෙකු වන Jared Isaacman විසින් මෙහෙයවන SpaceX Polaris Dawn මෙහෙයුම ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය නිල වශයෙන් භාරදෙයි

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කර තිබෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා වූ කිලෝමීටර් 65ක දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය නිල වශයෙන්…

මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා

මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා එමෙන්ම එරට සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ද අද (12) ශ්‍රි…

දෙමළ සන්ධානයේ තීරණය 15 වැනිදා

මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය කවර අපේක්ෂකයෙකුට ලබා දෙන්නේ ද යන අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා එම පක්ෂයේ කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයින් පිරිසක් දෙමළ පොදු අපේක්ෂකයාට සහය ලබා දීමට තීරණය කිරීමත්…

ඇල්පිටියේ නාම යෝජනා භාර ගැනීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) දහවල් 12ට අවසන් කෙරුණා ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදු කර තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දුන් අතර සමගි…

සිසු ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වැසෙයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය පියවර ගෙන තිබෙයි. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.

ජනපති සමාව යටතේ අද පිටව ගිය සිරකරුවන්

සිරකරු දිනය නිමිත්තෙන් ලබාදුන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ අද( 12) දින සිරකරුවෝ 362 දෙනකු නිදහස ලබා පිටව ගියහ. මේ අතරින් සිව් දෙනකු කාන්තාවන්ය. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්හට මෙම නිදහස පිරිනැමේ. ඒ අනුව…