Month September 2024

ජනතාව දුන් වගකීම ඉටු කරන්න ජනපතිට යම් කාලයක් දිය යුතුයි-මන්ත්‍රී වජිර අබේවර්ධන

ලැබී ඇති ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (24)…

ජනපති ගන්නා තීන්දු කුහකකමින් විවේචනය නොකර සහාය දෙනවා- හිටපු ඇමැති මහින්ද අමරවීර

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධව විවේචනය කර, එතුමා හෝ ආණ්ඩුව අධෛර්යමත් කිරීමට කටයුතු නොකරන බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. එමෙන්ම ධනාත්මක නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම කුහකත්වය පදනම් කර…

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය නජිත් ඉන්දික

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් පත්වීම් ලිපිය භාරගත් අයුරු. හම්බන්තොට රන්න මහ විදුහලේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය…

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න වැඩ භාරගනී

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ රංජිත් ආරියරත්න මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පස්වරුවේ වැඩ භාරගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා කීර්තිමත්…

පාර්ලිමේන්තුව විසුරුවයි

පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට අදාළ ගැසට් පත්‍ර­යට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (24) රාත්‍රි අත්සන් තබා තිබේ. ඒ අනුව පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේ­ද­නය ඊයේ (24) රාත්‍රියේ රජයේ මුද්‍ර­ණා­ලා­ධි­ප­ති­ව­රිය වෙත මුද්‍ර­ණය සඳහා යොමු කර ඇත.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඇම්.ජී. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

කොස්ගොඩ ගම් සභාවේ හිටපු සභාපති හා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දේශබන්දු ඇම්.ජී. ද සිල්වා මහතා (82) අභාවප්‍රාප්ත විය. දෙදරු පියකු වූ ඒ මහතාගේ ආදාහන කටයුතු හෙට(26) සවස 3.00ට අහුන්ගල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ. 1942 සැප්තැම්බර් මස හය වැනි දින…

සමගි සන්ධාන අගමැති අපේක්ෂක සජිත්-රනිල් සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා නොපවත්වන බවත් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ සමගි ජන සන්ධානයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ සාකච්ඡා නැති බවත් අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් තමන් සහ රනිල් වික්‍රමසිංහ එකට…

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

නව අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න…..

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රී මහතා පත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි. සෙසු අමාත්‍යංශ ලේකම්වරුන් පහතින්…. ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම්…

අඩු වූ උද්ධමනය

2024 අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී උද්ධමනය වාර්තා වී තිබුණේ 2.5% ක් ලෙසයි. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී…