Month September 2024

ජනපති අනුරගේ පත්වීම ගැන මූඩීස් වෙතින සුභවාදී ආකල්පයක්

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමෙන් රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කඩාකප්පල් නොවන බවට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් විශ්වාසය පළ කර තිබේ. පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලත් වැඩසටහන ඇතුළුව…

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා…

ආගමන විගමන පාලක රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ.…

ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමුකරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අනෝන්‍ය වශයෙන් වාසිදායක…

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

ලබන 28 වැනිදා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා මෙලෙස අත්හිටුවනු ඇති…

ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට – ගුවන්විදුලිය ආචාර්ය උදිතට

ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත්කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව…

ආසියානු සහාය දිවීමේ පදක්කම් දිනුවාට තෑගි

තායිලන්තයේ බැංකොක්හි පැවති ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම හා මිශ්‍ර සහාය දිවීමේ රිදී පදක්කම දිනාගත් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, දිනුක දේෂාන්, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 24ක මුදල්…

ක්‍රීඩා ඇමැතිනිය ලෙස අගමැතිනිය වැඩ භාරගනී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැතිනිය ලෙස ඊයේ (24) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත් අයුරුයි මේ. අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු…

පාකිස්තානයේ පොලිසියකට අත්බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වේටා පළාතේ පොලිස් ස්ථානයක රඳවා සිටි ඉස්ලාම් ධර්මයට අපහාස කළ බව කියන පුද්ගලයකු තම බාරයට පත් කරන ලෙස ඉල්ලා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් මේ…

කිනිතුල්ලන්ගෙන් පැතිරෙන වයිරසයක් චීනයෙන් හමු වෙයි

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව…