Month September 2024

මෙවර නරක් වූ ඡන්ද ඉහළ යෑම ගැන විශ්ලේෂණයක්

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බව කී කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා එය ප්‍රතිශතයක් ලෙස 2.2%ක් බව ද කීවේය. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ…

ජනපති ලේකම් කාර්යාල වාහන භාර නොදී තැන තැන ගාල් කිරීම ගැන පරීක්ෂණයක්-වාහන 29ක් අතුරුදන් හිටපු ජනපතිවරු මේවා ගිලලා ද?

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන නිසි ලෙස භාර නොදී තැන තැන ගාල්කර යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද…

වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබීම අත්‍යවශ්‍යයි- ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් කියයි

කඩිනම් වැඩපිළිවෙළක් යටතේ කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම අරමුණයි IMF වැඩසටහන ඉදිරියට ගෙනයනවා දේශපාලනය කරන වෙලාවට දේශපාලනයත්- රට ගොඩගැනීමේදී සාමූහික එක්වීමත් වැදගත් සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය වනතුර මේ රට අසමත් -ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින්…

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක අභාවප්‍රාප්ත වෙයි

කෑගල්ල හිටපු නගරාධිපති එච්.ආර්.එස්.යූ. නිස්සංක මහතා පෙරේදා (24) අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 වියේ පසු වූ නිස්සංක මහතා දෙදරු පියෙකි. 1989 වර්ෂයේදී නාගරික මන්ත්‍රීවරයකු ලෙස කෑගල්ල නගර සභාවට තේරී පත් වී ඇති නිස්සංක මහතා 2018 දක්වා නොකඩවා වසර 29ක්…

දිගු හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරනවා – ජනපති

රට ගොඩ නැගීමේ සාමූහික කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා වන කණ්ඩායමක් තමන් සමඟ සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සෑම ක්ෂේත්‍රයකටම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් සඳහා ඔසවා තැබීම අවශ්‍ය බව රජය දැඩිව විශ්වාස කරන බවයි…

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව හෙට (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත.…

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සිය ධුරයෙහි වැඩ භාර ගනියි

අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අමාත්‍ය හේරත් මහතා පාර්ලිමේන්තු…

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත. දකුණු පළාත් නව…

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ශ්‍රී ලංකාවට

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ.…