මඩකළපු මුහුදේ මසුන් මිලියන ගණනක් හසුවෙති

මඩකළපුව මහ නගර සභා බලප්‍රදේශයට අයත් කල්ලඩි මුහුදේ මසුන් ලක්ෂ ගණනක් ධීවරයන් විසින් අල්ලාගෙන තිබේ. මෙලෙස ඇල්ලු මසුන් තොගය නැරඹීමට ද විශාල පිරිසක් පැමිණියහ.

දැල් මඟින් ලක්ෂ ගණනින් හාල් මැස්සන් අසුවී ඇතැයි ධීවරයෝ පවසති.

දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් ජල මට්ටම අඩු වෙමින් තිබියදී මෙතරම් විශාල මසුන් ප්‍රමාණයක් හසුවීම පිළිබඳව ධීවරයෝ සතුටට පත්ව සිටිති. මාදැල් මඟින් මින් පෙර කිසිදා නොවූ ලෙස ලක්ෂ ගණනින් හාල් මැස්සන් ඇල්ලීම විශේෂත්වයකි. ධීවරයන් එම මසුන් ඉතා අඩු මිලට අලෙවි කරන අතර, කරවල බවට ද පත් කරමින් සිටී.