සනත් ස්ථීර වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මේ පත්වීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය පසුගිය ජූනි මාසයේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන්වීමත් සමඟ තාවකාලික පදනම යටතේ ජයසූරිය මහතා එම තනතුරට පත් විය.

ජයසූරිය මහතා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බැවින් පුහුණුකරු ධුර කාලය දීර්ඝ කර ඇත.