ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක ජනා­ධි­පති මාවත් මහ­ජ­න­යාට යළි විවෘ­තයි

ජනා­ධි­පති මන්දි­රය අසල ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක මාවත සහ ජනා­ධි­පති මාවත ඊයේ (27) සිට මහ­ජ­න­තා­වට විවෘත කිරී­මට තීර­ණය කර තිබේ. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නියෝ­ග­ය­කට අනුව එම මාර්ග විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැව­සීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වාදී සමයේ වසා දමා තිබූ එම මාර්ගය අවස්ථා කිහි­ප­ය­කදී විවෘත කර නැවත වසා දැමී­මට කට­යුතු කර තිබිණි.

පසු­ගිය 2022 වසරේ පැවැති අර­ගල සම­යේද මෙම මාර්ගය වසා දමා තිබිණි.