දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ වැඩ භාර­ගැ­නී­මත් ඉතා චාම් ලෙස

දකුණු පළාතේ නව ආණ්ඩු­කාර බන්දුල හරි­ශ්චන්ද්‍ර මහතා ඊයේ (27) පෙර­ව­රුවේ පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සිය රාජ­කාරි ආරම්භ කළේය.

කිසිදු උත්ස­ව­ය­කින් තොරව, ආග­මික වතා­ව­ත්ව­ලින් අන­තු­රුව සිය රාජ­කාරි ආරම්භ කළ ඒ මහතා මාධ්‍ය­වේ­දීන් අමතා අද­හස් දක්ව­මින් සඳ­හන් කළේ හම්බ­න්තොට සහ මාතර දිස්ත්‍රි­ක්ක­වල සිට ආණ්ඩු­කාර කාර්යා­ල­යෙන් සිය රාජ­කාරි කට­යුතු සිදු කර­ගැ­නී­මට පැමි­ණෙන මහ­ජ­න­තාව දැඩි පීඩ­න­ය­කට පත් වන බැවින් ඒ ජන­තාව වෙනු­වෙන් වෙනු­වෙන් හම්බ­න්තොට හා මාත­රද කාර්යාල පද්ධ­ති­යක් ස්ථාපිත කිරී­මට පිය­වර ගන්නා බවයි. ජ්‍යෙෂ්ඨ පරි­පා­ලන නිල­ධ­ර­යකු වන බන්දුල හරි­ශ්චන්ද්‍ර මහතා මීට පෙර ‍හම්බන්තොට සහ වවු­නි­යාව දිස්‍ත්‍රික් ලේකම් ලෙසද, ඉන් අන­තු­රව වන­ජීවි අමා­ත්‍යාං­ශයේ ලේකම් වශ­යෙන්ද කට­යුතු කර ඇති අතර, මාධ්‍ය­වේ­දි­යකු වශ­යෙන්ද කට­යුතු කර ඇති කීර්ති­මත් නිල­ධ­ර­යෙකි. දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අල­හ­කොන් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.