ගුරු විදුහල්පති ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර සාධාරණයක් ඉටු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා “දිනමිණ”ට පෙරේදා (26) පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා ධූරයට පත්ව සතියක්වත් ගතව නැති බවත් ආණ්ඩුව ස්ථාවර කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවත් ඒ මහතා කීය. රාජ්‍ය සේවකයන් ඇතුළු ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව, උසස්වීම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදි කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළකට යා යුතු බව ද ඒ මහතා පැවසීය.
හිටපු අධ්‍යාපන ලේකම්වරියම මෙවරත් පත්ව සිටින බවත් ඒ නිසාම ඇය ගුරු විදුහල්පති ගැටලු දන්නා බවත් ඔහු පැවසීය. එමනිසා ගුරු විදුහල්පති ගැටලු විසඳීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද ඒ මහතා කියා සිටියේය.