75වැනි සංව­ත්සර සම­රු­වට යුද හමු­දා ධජ­ව­ලට සෙත් පැතීම ජය­සි­රි­මහ බෝ සමිඳු අබි­යස දී

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 75 වැනි සංව­ත්සර සැම­රු­මට සම­ගා­මීව යුද හමු­දාවේ සියලු ධජ වෙත සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­යස දී ඊයේ (27) පෙර­ව­රුවේ සිදු කළේය.

අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහි­මි­පා­ණන් වහන්සේ ප්‍රමුඛ අට­ම­ස්ථාන විහා­ර­ස්ථාන නා හිමි­පා­ණන් වහ­න්සේගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් සහ ශ්‍රී ලංකා යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­නගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ පින්කම පැවැ­ත්විණි.

ශ්‍රී ලංකා යුද හමු­දා­වට අයත් සියලු ධජ රැගත් පෙර­හර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පහළ මළුවේ තෙව­රක් පැද­කුණු කිරී­මෙන් අන­තු­රුව ධජ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­යස තැන්පත් කර ආශී­ර්වාද සිදු කෙරිණි. පසුව මහා සංඝ­ර­ත්නය සෙත් පිරිත් සජ්ඣා­යනා කර­මින් සියලු ධජ වෙත ආශී­ර්වාද ගැන්වීම කළේය.

මීට සම­ගා­මීව ශ්‍රී ලංකා යුද හමු­දාව සහ ලංකා බැංකුව විසින් ඉදි­ක­රන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ උතුරු වාහ­ල්කඩ අබි­යස ආර­ක්ෂිත මුර­කු­ටිය විවෘත කිරී­මද සිදු කෙරිණ. තවද අඩු ආදා­ය­ම්ලාභී පවුල් සඳහා ආර­ක්ෂක සේනා (වන්නි) විසින් ඉදි කරන ලද නව නිවාස කිහි­ප­යක් ලබා­දී­මද මෙහිදී සිදු කෙරිණි.

අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන, ලංකා­රා­මා­ධි­පති රැළ­ප­නාවේ ධම්ම­ජෝති, අනු­රා­ධ­පුර සම්බුද්ධ ජයන්ති මහා විහා­රයේ විහා­රා­ධි­පති උතුරු මධ්‍යම දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක නුගේ­තැන්නේ පඤ්ඤා­නන්ද යන නාහි­මි­පා­ණන් වහන්සේ ඇතුළු මහා සංඝ­ර­ත්නය අනු­ශා­ස­ක­ත්වය කළ මේ අව­ස්ථා­වට යුද හමු­ද­පති ලුති­නන් ‍ෙජන­රාල් විකුම් ලිය­නගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු රැසක් සහ­භාගි වී සිටි­යහ.