හිටපු මන්ත්‍රී­ව­රුන්ට දුන් පොලිස් ආර­ක්ෂාව ඉව­තට

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ලබාදී තිබූ පොලිස් ආර­ක්ෂාව ඊයේ (27) සිට ඉවත් කර ඇත. අදාළ නිල­ධා­රීන්ට වහාම පොලිස් මූල­ස්ථා­නය වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව කථා­නා­යක, නියෝජ්‍ය කථා­නා­යක, විපක්ෂ නායක සහ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් හැරුණු කොට මෙතෙක් ආර­ක්ෂාව ලබාදී තිබුණු මැති ඇමැ­ති­ව­රුන්ගේ ආර­ක්ෂාව වහාම ක්‍රීයා­ත්මක වන පරිදි මෙලෙස ඉව­ත්කර තිබේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු හට ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු හා ඇමැ­ති­ව­ර­ය­කුගේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් හය දෙනකු බැගින් අනු­යුක්ත කර තිබිණ. එහෙත් අර­ග­ලය සම­යේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට එල්ල­වූයේ යැයි කියන තර්ජන හේතු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු හටද සිය ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් හය දෙනකු බැගින් ලබා­දී­මට තීර­ණය කෙරිණ.

ඒ අනුව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ය­කුගේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රින් හය දෙනකු මෙන්ම ඇමැ­ති­ව­ර­ය­කුගේ ආර­ක්ෂාව වෙනු­වෙන්ද පොලිස් නිල­ධා­රීන් හය දෙනකු බැගින් ලබාදී තිබිණ. කෙසේ වුවද ඊයේ (27) සිට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ මෙන්ම ඇමැ­ති­ව­රුන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් යොදවා සිටි සිය­ලුම ආර­ක්ෂක නිල­ධා­රීන්ට අදාළ සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස පොලිස් මූල­ස්ථා­නය විසින් දැනුම් දී ඇත. ඇතැම් ඇමැ­ති­ව­රුන්ගේ ඉල්ලීම පරිදි යුද හමුදා ආර­ක්ෂා­වද යොදවා සිටි අතර එම නිල­ධා­රීන්ද මේ වන­විට ඉවත් කර ඇත. පාර්ලි­මේන්තු මැති ඇමැ­ති­ව­රුන්ට මෙන්ම ආග­මික නාය­ක­යින් පිරි­ස­ක­ටද මෙලෙස ආර­ක්ෂක නිල­ධා­රීන් ලබාදී තිබූ අතර ආග­මික නාය­ක­යින් වෙත ලබාදී තිබූ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන්ද අදාළ අංශ­වල අව­ධා­නය යොමුව ඇත.