ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත ඊයේ (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ වසා දමා තිබූ එම මාර්ගය අවස්ථා කිහිපයකදී විවෘත කර නැවත වසා දැමීමට කටයුතු කර තිබිණි.
පසුගිය 2022 වසරේ පැවැති අරගල සමයේද මෙම මාර්ගය වසා දමා තිබිණි.