ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති පොලි අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව අධිපතිවරයා සඳහන් කළේ කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථානයේ ඊයේ (27) දහවල් විශේෂ මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 8.25 සහ සියයට 9.25 මට්ටමේ පවත්වාගෙන යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බව ද අධිපතිවරයා කීය. සියයට පහට අඩු උද්ධමනයක් පවත්වාගෙන යෑම, ණය පොලි අනුපාතික පහළ යෑම ඉදිරියේදී තවදුරටත් සිදුවනු ඇතැයි ද වීරසිංහ මහතා කීය. මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ පරිදිම ඉදිරියේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වෙනුවට තනි ප්‍රතිපත්ති අනුපාතිකයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද අධිපතිවරයා පැවසීය.
ඒ සඳහා මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙපාර්තමේන්තු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මුල්‍ය ආයතන සමඟ තාක්ෂණික සහ ප්‍රායෝගික කරුණු සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කීය.
එම කටයුතු නිම වූ වහාම මේ වසර නිමාවීමට පෙර තනි ප්‍රතිපත්ති අනුපාතිකයක් හඳුන්වා දීමට හැකිවනු ඇතැයි අධිපතිවරයා විශ්වාසය පළ කළේය.