පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අතර එහිදී ඔහුට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

දෙස් විදෙස් පොත් සහිත වෙළෙඳ කුටි 400 කින් පමණ සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වීය.

ලබන මස 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.