දකුණු පළාතේ නව ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඊයේ (27) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරි ආරම්භ කළේය.
කිසිදු උත්සවයකින් තොරව, ආගමික වතාවත්වලින් අනතුරුව සිය රාජකාරි ආරම්භ කළ ඒ මහතා මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින් සඳහන් කළේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල සිට ආණ්ඩුකාර කාර්යාලයෙන් සිය රාජකාරි කටයුතු සිදු කරගැනීමට පැමිණෙන මහජනතාව දැඩි පීඩනයකට පත් වන බැවින් ඒ ජනතාව වෙනුවෙන් වෙනුවෙන් හම්බන්තොට හා මාතරද කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි. ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු වන බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මීට පෙර හම්බන්තොට සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් ලෙසද, ඉන් අනතුරව වනජීවි අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද කටයුතු කර ඇති අතර, මාධ්‍යවේදියකු වශයෙන්ද කටයුතු කර ඇති කීර්තිමත් නිලධරයෙකි. දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකොන් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.