ටෙල් අවීව් නුව­රට යේම­න­යෙන් හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක්

ගාසා තීරයේ සහ දකුණු ලෙබ­න­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට විරෝ­ධ­තාව පළ කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊයේ ටෙල් අවීව් නුව­රට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහා­රය එල්ල කිරි­මට පෙර හවුති සංවි­ධා­නයේ ප්‍රකා­ශ­ක­යකු සමාජ මාධ්‍ය ජාල­යට වීඩියෝ පට­යක් මුදා හරි­මින් ටෙල් අවීව් නුව­රට පහර දෙන බවත්, සිවිල් වැසි­යන් එම ස්ථාන­යෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව සටන් වැදී­මට ඉරා­කයේ ඉස්ලා­මිය සන්නද්ධ කණ්ඩා­ය­මක් ද එක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­ය­ලයේ ගෝලන් කඳු­කර පළාත ඉලක්ක කර­මින් ඉරා­කයේ ඉස්ලා­මීය සන්නද්ධ කණ්ඩා­යම පසු­ගි­යදා ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.