ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සුබපැතුම් එක්කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සුබපැතුම් එක්කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවාසීන් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ. ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය, යනුවෙන් එම සුබපැතුම් පණිවුඩයේ සඳහන්ව තිබේ. ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි යනුවෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර ඇත.