‘හෙලන්‘ සුළි කුණා­ටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වන­සයි

පැයට කිලෝ­මී­ටර් 225ක වේග­යෙන් අමෙ­රි­කාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත­යට කඩා වැදුණු හෙලන් සුළි කුණා­ටු­වෙන් නගර රැසක නිවාස හා මහා­මා­ර්ග­ව­ලට දැඩි විනා­ශ­යක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍ය­න්තර කාල­ගුණ විද්‍යා­ඥ­යන් විසින් සිව්වැනි මට්ටමේ සුළි කුණා­ටු­වක් ලෙස වර්ගී­ක­ර­ණය කළ හෙලන් සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් අධික වර්ෂා­වත්, ගොඩ­බි­මට කඩා වදින මුහුදු රැලි අඩි 20ක් පමණ ඉහළ නැඟීමත් හේතු­වෙන් පළාත් රැසක් ජල­යෙන් යටවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හෙලන් සුළි කුණා­ටුවේ බල­පෑම් මත ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලි­යන 1.28ක ජන­තාව විදු­ලිය විසන්ධි වීමෙන් දුෂ්ක­ර­තා­වට පත්ව සිටින බව ද වාර්තා වේ.

මේ තත්ත්වය හේතු­වෙන් ජෝර්ජියා, කැරො­ලිනා, වර්ජි­නියා සහ ඇල­බාමා ප්‍රාන්ත­ව­ලට හදිසි අව­ස්ථා­වක් ද ප්‍රකා­ශ­යට පත්කර ඇති බවත්, විප­තට පත්වූ­වන් මුදා ගැනීම සඳහා ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­යම් අදාළ පළා­ත්වල ස්ථාන­ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.