සබ­ර­ග­මුවේ නව ආණ්ඩු­කා­ර­ චම්පා ජානකී රාජ­රත්න රාජ­කාරි කට­යුතු ආරම්භ කරයි

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය වන චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය ඊයේ (27) සුබ මොහො­තින් සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සර්ව ආග­මික ආශී­ර්වාද මධ්‍යයේ රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කළේ මෙලෙ­සිනි. හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන ඇය මේ අව­ස්ථා­වට සහ­භාගි වූ රාජ්‍ය නිල­ධා­රීන් අමතා තමා මේ පළාතේ අධි­ක­රණ තුනක සේවය කර තිබෙන බවත්, එබැ­වින් මෙහි ජන­තා­වගේ සිතුම් පැතුම් හා ප්‍රශ්න අව­ශ්‍යතා අප­හ­සු­කම් පිළි­බඳ යම් අව­බෝ­ධ­යක් තමාට ඇති බවත් පැව­සු­වාය. සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජන වර්ග වාසය කරන සබ­ර­ගමු පළාතේ ජන­තා­වට සේවය කිරී­මේදී ජාති, ආගම්, පාට පක්ෂ ඈ සියලු වාද භේද නොතකා එක හා සමා­නව සලකා රාජ්‍ය නිල­ධා­රීන් හැටි­යට තම වග­කීම, කාර්ය­භා­රය හා සේවය ඉටු කළ යුතු බව ඇය අව­ධා­ර­ණය කළාය.

එසේම පොලී­සියේ ඉහළ නිල­ධා­රීන් විශේ­ෂ­යෙන් අම­ත­මින් ආණ්ඩු­කා­ර­ව­රිය පැව­සුවේ පොලී­සිය හා පළාත් රාජ්‍ය සේවා නිල­ධා­රීන් අතර සමීප සබ­ඳතා වඩා හොඳ මහ­ජන සේව­යට අවශ්‍ය වන බවයි. ළමා අප­යෝ­ජන හා ළමා අප­චාර වළක්වා සුර­ක්ෂිත සමා­ජ­යක් ඇති කිරී­මට පොලී­සිය පුරෝ­ගාමි සේවා­වක් ඉටු කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතු බවද ඇය මෙහිදී පැව­සු­වාය.

සබ­ර­ගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීර­සූ­රිය, ආණ්ඩු­කාර ලේකම් දර්ශන සම­ර­සේ­කර, රත්න­පුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණ­රත්න ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක් වූහ.