ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කිරීම ගැන හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ස්තූතිය පළකර ඇත.
තමා ධීවර ඇමැතිවරයාව සිටියදී මේ ඉන්ධන සහනාධාරය යෝජනා කළ අතර එවකට කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කළ බවත් මැතිවරණ නීති විධිවිධාන සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිට වු බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදීම පිළිබඳව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට සිය ස්තුතිය පුද කරන බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් එතුමා ගන්නා එවැනි තීරණ අගය කිරීමට පසුබට නොවන බවත් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දේවානන්දා මහතා මේ බැව් ප්‍රකාශ කර තිබේ.