ගුරු විදු­හ­ල්පති ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂ­ම­තාව ඉවත් කිරී­මට පිය­වර ගන්න-ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ස්ටාලින්

ගුරු විදු­හ­ල්පති ඇතුළු රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් විෂ­ම­තාව ඉවත් කර සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතු බව ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා “දින­මිණ”ට පෙරේදා (26) පැව­සීය.

වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා ධූර­යට පත්ව සති­ය­ක්වත් ගතව නැති බවත් ආණ්ඩුව ස්ථාවර කර ගැනී­මට ඔවුන් කට­යුතු කරන බවත් ඒ මහතා කීය. රාජ්‍ය සේව­ක­යන් ඇතුළු ගුරු­ව­රුන්ගේ වැටුප් විෂ­ම­තාව, උස­ස්වීම්, අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ නිවැ­රදි කිරී­මට ආණ්ඩුව වැඩ­පි­ළි­වෙ­ළ­කට යා යුතු බව ද ඒ මහතා පැව­සීය.

හිටපු අධ්‍යා­පන ලේක­ම්ව­රි­යම මෙව­රත් පත්ව සිටින බවත් ඒ නිසාම ඇය ගුරු විදු­හ­ල්පති ගැටලු දන්නා බවත් ඔහු පැව­සීය. එම­නිසා ගුරු විදු­හ­ල්පති ගැටලු විස­ඳී­මට ආණ්ඩුව පිය­වර ගත යුතු බව ද ඒ මහතා කියා සිටි­යේය.