උතු­රු­මැද ආණ්ඩු­කා­ර­ව­ර­යා චාම් ලෙස රාජ­කාරි අර­ඹයි

උතු­රු­මැද පළාත් නව ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහතා මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ සර්ව ආග­මික නාය­ක­යන්ගේ ආශී­ර්වාද මධ්‍යයේ පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී ඊයේ (27) පෙර­ව­රුවේ යෙදුණ සුබ මොහො­තින් වැඩ භාර ගත්තේය.

වැඩ භාර ගැනී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් නව ආණ්ඩු­කා­ර­ව­රයා ප්‍රකාශ කළේ උතුරු මැද පළාතේ ජනතා අභි­ලා­ෂ­යන් මහ පොළොව මත සාක්ෂාත් කර­වීම සහ ජන­තා­වට වඩාත් සතු­ටු­දා­යක යහ­පත් සුන්දර රටක් බිහි කිරීම තම බලා­පො­රො­ත්තුව බවයි. නිද­හස් අධ්‍යා­ප­නය ලැබී­මෙන් අන­තු­රුව බිහි වුණු නිර් ප්‍රභූ බුද්ධි­ම­තුන් මේ රට යන දිසාව පිළි­බඳ යම්කිසි අව­බෝ­ධ­යක් ඇති කර­ගෙන එම දිසාව වෙනස් විය යුතු බවත් නොඑසේ නම් රට අගා­ධ­යට යන බවත් තේරුම් ගෙන පැවති රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් කර ජන­තා­වාදි රාජ්‍ය පාල­න­යක් බිහි කිරීමේ අභි­ලා­ෂ­යෙන් කිසිදු පෞද්ග­ලික ලාභ අපේ­ක්ෂා­ව­කින් තොරව දේශ­පා­ල­නය කර­න්නට යෙදුණ බවත්, ඒ උත්සා­හ­යේදී විශාල මර්ද­න­යක් ඒ තරුණ පිරිස කෙරෙහි එල්ල වූ බවත් එහෙත් ඔවුන් තම අභි­ලා­ෂ­යන් කිසි­සේත් වෙනස් කළේ නැති බවත් කී ඒ මහතා එම අභි­ලා­ශයේ තිබුණු අවංක භාවය නිසාම අද වන විට අප ජය­ග්‍ර­හ­ණ­යක් දකි­මින් සිටින බව පැව­සීය. දැන් කළ යුතු වන්නේ ඒ ජය­ග්‍ර­හ­ණ­යන් ජන­තා­වට දීම බවද ආණ්ඩු­කා­ර­ව­රයා වැඩි දුර­ටත් සඳ­හන් කළේය.

නව ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහතා විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යෙක්ද වෙයි.

ජාතික ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක වසන්ත සම­ර­සිංහ මහතා ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.