ඛනිජ තෙල් නව සභාපති වැඩ භාර ගනී

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමෙහි සභාපති වශයෙන් පත් කරනු ලැබූ ජානක රාජකරුණා මහතා පෙරේදා (25) වැඩ භාර ගත් අයුරු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධිධරයකු වන ඒ මහතා තම මූලික උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. ජානක රාජකරුණා මහතා ඛනිජතෙල් පර්යන්ත සමාගමේ පර්යන්ත කළමනාකරුවකු ලෙස පහුගිය කාලයේ සේවය කල පළපුරුදු නිලධරයකු වන අතර, ජාතික සම්පත් රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයෙක්ද වේ.