විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් පූර්ණ සහාය දෙනවා-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

විධායක ජනාධිපති ධුරය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නම් ඊට පූර්ණ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“1994 සිට මේ දක්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට සියලු ජනාධිපතිවරුන් ප්‍රකාශ කළා. නමුත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු කළේ නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් මේ ඒ සඳහා හොඳම වෙලාව. එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවක් තිබේ නම් ප්‍රමාද කරන්න එපා.”