ග්‍රාමීය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු වැඩ අරඹයි

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී ඊයේ (25) වැඩ භාරගනු ලැබීය. මහා භාණ්ඩාගාරයේ විවිධ දෙපාර්තමේන්තුවල වසර 26කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අතපත්තු මහතා මීට පෙර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම ඔහු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය, ඔස්ට්‍රේලියාවේ ෆිලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ජපානයේ සංවර්ධන ආර්ථික ආයතනයේ සංවර්ධන ආර්ථිකය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.