අධිකරණ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම් ප්‍රදීප් යසරත්න වැඩ අරඹමින්..

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ඊයේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

වසර 1998දී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස පරිපාලන සේවයට එක්වූ ඒ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් තනතුරුවල කටයුතු කර තිබේ. 2020 සිට 2022 දක්වා කාලයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ධුරය හොබවා ඇති ඒ මහතා 2023 වසරේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය ද හෙබවූයේය. පසුව 2024 වසරේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද ප්‍රදීප් යසරත්න මහතා කටයුතු කර ඇත.