පොලිසිය ආගමන විගමන හැඳුනුම්පත් දෙපාර්තමේන්තු කාර්යක්ෂම කරනවා-මහජන ආරක්ෂක නව ලේකම් කියයි

ශ්‍රී ලංකා පොලිසිය, ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලින් මහජනතාවට සිදුවන සේවය ඉතා කාර්යක්ෂම ලෙසත් ඵලදායී ලෙසත් ඉටු කිරීම නව රජයේ අභිප්‍රාය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙ‍ෙනවිරත්න මහතා පැවැසීය.සිය ධුරයේ රාජකාරි පෙරේදා (23) ආරම්භ කරමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන බව ඒ මහතා කියා සිටියේය.