මහ මැතිවරණයට ඕනෑම අවස්ථාවක සූදානම් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ‘දිනමිණ’ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසීය. මහ මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 52ත් – 66ත් අතර කාලයක යැයි ද හෙතෙම කියා සිටියේය. මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.