කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය.

මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.