ආසියානු සහාය දිවීමේ පදක්කම් දිනුවාට තෑගි

තායිලන්තයේ බැංකොක්හි පැවති ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම හා මිශ්‍ර සහාය දිවීමේ රිදී පදක්කම දිනාගත් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, දිනුක දේෂාන්, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 24ක මුදල් තෑගි ප්‍රදානය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අතින් සිදු කෙරිණි.

ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 8000ක මුදලක් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට ලබාදී තිබිණි.