ජනපතිගේ පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල

ජාතික ජන බලවේගයේ ජාතික බුද්ධි මණ්ඩපයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ආනන්ද විජේපාල මහතා දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. 2015 දී යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධි ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබේ.