කොටස් වෙළෙඳපළ ඉහළ යයි

ජනාධිපතිවරණයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) දිනයේ ඉහළ යාමක් වාර්තා කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (23) දිනයේ ඉහළ යන විට සියලුම කොටස මිල දර්ශකය ඒකක 130.30 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් සටහන් වී තිබිණි.
රුපියල් මිලියන 994 ක පිරිවැටුමක්ද වාර්තා වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් කියා සිටියි.