අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනපතියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට අන්තිම විධායක ජනාධිපතිවරයා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) පැවසීය. එමෙන්ම ජනතාවගේ අරගලය ජයග්‍රහණය කර තිබෙන බවත් ප්‍රකාශ කළ හඳුන්නෙත්ති මහතා ඉතුරු වැඩ කටයුතු ටිකත් සාර්ථකව කර ගැනීමට හැකි වනු ඇති බවද කීය. මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනාධිපතිවරයා ජනතාව විසින් පත්කරගෙන සිටින බවද ඔහු පැවසීය. අගමැතිවරයා කවුරුන්දැයි තවම තීරණය කර නොමැති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.