මෙරට නව වැනි විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දී ය.

ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.