ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි


දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බවට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පලාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.

තවද තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවද ඔහු එම ලිපිය මගින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.