ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කරන්නෑ – පොලිසියෙන් නිවේදනයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සිමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳව පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.