CID වාර්තාව ලැබෙ­න­ තුරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගැ­යීම් නෑ-අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම්

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න­පත්‍ර සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ගැට­ලුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂණ වාර්තා ලැබෙන තෙක් ප්‍රශ්න­පත්‍ර ඇගැ­යීම් කට­යුතු සිදු නොක­රන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් තිලකා ජය­සු­න්දර මහ­ත්මිය පැව­සු­වාය.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­ව­කට සහ­භාගී වෙමින් ඇය මේ බව ඊයේ (20) පැව­සු­වාය.

පරී­ක්ෂණ වාර්තා­වන්ට අනුව නැවත විභා­ගය පැවැ­ත්වී­මට සිදු­වු­ව­හොත් විභා­ගය පව­ත්වන බවත් මේ විභා­ගය සම්බ­න්ධ­යෙන් දරු­වන්ට කිසිදු අග­ති­යක් වීමට ඉඩ නොත­බන බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ විභා­ග­යට අදාළ ප්‍රශ්න­පත්‍ර සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ගැට­ලුව පිළි­බ­ඳව ඉතාම කඩි­න­මින් පරී­ක්ෂණ පැවැ­ත්වී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇති බවත් විභා­ගය නැවත පැවැ­ත්වී­මට සිදු­වු­ව­හොත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා සහ අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා උප­දෙස් ලබාදී ඇති බවත් ලේක­ම්ව­රිය ප්‍රකාශ කළාය.

පසු­ගිය 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඉතාම විධි­මත් ක්‍රම­වේ­ද­යක් යටතේ පැවැත්වූ බවත් මෙම විභා­ග­යට අදා­ළව කිසි­යම් පුද්ග­ල­යකු හෝ කණ්ඩා­ය­මක් වැරදි සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බවත් ඇය කියා සිටි­යාය.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව, විද්වත් මණ්ඩ­ලය එක්ව විභා­ගය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු සිදු කරන බවත් දරු­වන්ට ශිෂ්‍යා­ධාර ලබා­දී­මට පව­ත්වන මෙම විභා­ගය මේ වන විට ඉතාම තර­ග­කාරී විභා­ග­යක්ව පව­තින බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම මාධ්‍ය හමු­වට විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ද සහ­භාගී විය.