ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ පළමු තර­ගය ජය ගනිති

ඔස්ට්‍රේ­ලි­යා­වේදී පැවැ­ත්වෙන අවු­රුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ සහ­භා­ගිවූ පළමු තර­ග­යෙන් නව­සී­ලන්ත සංව­ර්ධිත පිල පර­දවා ලකුණු 69ක විශිෂ්ට ජයක් හිමි­කර ගැනී­මට මනුදි නානා­ය­ක්කා­රගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා කණ්ඩා­යම සමත් විය.

බ්‍රිස්බේන්හි ඇලන් ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස නව­සී­ලන්ත කණ්ඩා­ය­මට ඕවර 17.3කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 79කි.

ඊව් වොලන්ඩ් ලකුණු 24ක් රැස් කර­මින් නව­සී­ලන්ත ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, පන්දු යැවී­මේදී ප්‍රමුදි මෙත්සරා කඩුලු 3ක්, රශ්මිකා සෙව්වන්දි, අශේනි තල­ගුණේ සහ චමුදි ප්‍රබෝධා කඩුලු 2 බැගින් දවා ගත්හ. පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ඉනි­මට රශ්මිකා සෙව්වන්දි වේග­වත් ලකුණු 36ක් එක් කළේ පන්දු 19කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සම­ඟිනි. ඇය රශ්මි නේත්‍රාං­ජලී (3) සමඟ එක්ව අව­සන් පන්දු 21න් ලකුණු 37ක් ඉනි­මට එක් කළාය. ආර­ම්භක පිති­කා­රිනී සංජනා කාවින්දි හතරේ පහර 3ක් සමඟ පන්දු 38කින් ලකුණු 30ක් රැස් කළ අතර, මනුදි නානා­ය­ක්කාර ලකුණු 19ක් සහ සුමුදු නිසං­සලා ලකුණු 16ක් ඉනි­මට එක් කළහ.

මේ අතර තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පෙරේදා පැවති පළමු තර­ග­යේදී නව­සී­ලන්ත සංව­ර්ධිත පිල කඩුලු 8කින් පරා­ජය කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා කණ්ඩා­යම සමත් විය.

මේ තර­ගා­ව­ලිය යටතේ ශ්‍රී ලංකා පිල සහ­භාගි වන දෙවැනි තර­ගය හෙට (22) ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 148/7 (ඕවර 20) රශ්මිකා සෙව්වන්දි නොදැවී 36, සංජනා කාවින්දි 30, මනුදි නානා­ය­ක්කාර 19, සුමුදු නිසං­සලා 16, දහමා සෙනෙත්මා 13 (අනිකා ටොඩ් 20/3)

නව­සී­ලන්ත සංව­ර්ධිත කාන්තා පිල – 79 (ඕවර 17.3) ඊව් වොලන්ඩ් 24, අනිකා ටොඩ් 12 (ප්‍රමුදි මෙත්සරා 6/3, රශ්මිකා සෙව්වන්දි 14/2, අශේනි තල­ගුණේ 16/2, චමුදි ප්‍රබෝධා 17/2)