බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇතිවේ.නැඟෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද දකුණු පළාත්වලත් මාතලේ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 පමණ තද සුළං ඇති විය හැකි බව ද අද(21)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.