බන්ධනාගාර නිලධාරීන් සියලුම දෙනාගේ නිවාඩු ලබන 25වනදා තෙක් අවලංගු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගත් බවත් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී දිසානායක මහතා දිනමිණ කළ විමසුමකදී පැවැසීය.
තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ බන්ධනාගාර නිලධාරින්ට ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර මූලස්ථානය සියලු බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන බවද දිසානායක මහතා කීය.