ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී සිදුවිය හැකි ආපදාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය උපදෙස් දී තිබේ.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් අර්.එල්.ඩී. ලියනගේ මහතා පැවසීය. යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරිවලට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකතන අංක 117 ඇමැතිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය. මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.