ජන­ප­ති­ව­රණ දිනයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණොත් පොලි­සි­යෙන් උප­රිම බලය-ඇමැති ටිරා­න්ගෙන් පොලි­සි­යට උප­දෙස්

මැති­ව­රණ දිනයේ යම් ප්‍රච­ණ්ඩ­කාරී තත්ත්ව­යක් මතු වන්නේ නම්, ඊට අවශ්‍ය උප­රිම බලය යොදා එය මැඬ පව­ත්වන ලෙස මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලි­සි­යට උප­දෙස් දී තිබේ.

සූම් තාක්ෂ­ණය ඔස්සේ පැවැති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මේ උප­දෙස් දී ඇත.

මැති­ව­රණ දින­යේදී රටේ සාමය ආරක්ෂා කිරීම, අපේ­ක්ෂ­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම, ඡන්ද මධ්‍ය­ස්ථාන හා ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­වල ආර­ක්ෂාව සහ­තික කිරී­මට අවශ්‍ය පූර්ණ සහාය මැති­ව­රණ කොමි­ස­මට ලබා­දී­මට කට­යුතු කරන ලෙස ද ඇමැ­ති­ව­රයා පොලි­සි­යට දැනුම් දී තිබේ.