විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම අද (21) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව, සභාපතිවරයා සඳහන් කළේය.

ලබන දෙසැම්බර් මාසයට පෙර සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමට නියමිතය.

2023 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵලමත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ඊයේ (20) නිකුත් කෙරුණි.

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අගහරුවාදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව, නේවාසිකාගාරවලට ළමුන්ට අනිද්දා පැමිණිය හැකි බව පාලනාධිකාරිය පවසයි.