රට­පුරා තැනින් තැන අදත් වැසි

බස්නා­හිර සහ සබ­ර­ග­මුව පළා­ත්ව­ලත් මහ­නු­වර නුව­ර­එ­ළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක­ව­ලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට මිලි­මී­ටර් 50ක පමණ තර­මක තද වැසි ඇති­විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අද (21) නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කරයි. වයඹ පළා­තෙත් මාතලේ දිස්ත්‍රි­ක්ක­යේත් වැසි­වාර කීප­යක් ඇතිවේ.නැඟෙ­න­හිර සහ ඌව පළා­ත්වල සවස් කාල­යේදී හෝ රාත්‍රී කාල­යේදී ස්ථාන ස්වල්ප­යක වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති විය හැකිය.මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­ව­ලත් උතුර උතුරු මැද දකුණු පළා­ත්ව­ලත් මාතලේ සහ පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­ව­ලත් විටින් විට හමන පැයට කිලෝ­මී­ටර් 40-45 පමණ තද සුළං ඇති විය හැකි බව ද අද(21)කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳ­හන් වෙයි.

මාතර සිට හම්බ­න්තොට හරහා පොතු­විල් දක්වා සහ කන්ක­ස­න්තුරේ සිට මන්නා­රම හරහා පුත්ත­ලම දක්වා වෙර­ළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.ත්‍රිකු­ණා­ම­ලයේ සිට කන්ක­ස­න්තු­රය දක්වා සහ පුත්ත­ලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තර­මක් රළු වන බවද එහි වැඩි­දු­ර­ටත් සඳ­හන් වෙයි.