බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ නිවාඩු අව­ලං­ගුයි

බන්ධ­නා­ගාර නිල­ධා­රීන් සිය­ලුම දෙනාගේ නිවාඩු ලබන 25වනදා තෙක් අව­ලංගු කිරී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ පශ්චාත් මැති­ව­රණ සමය ඉලක්ක කර ගනි­මින් මෙම පිය­වර ගත් බවත් සිය­ලුම බන්ධ­නා­ගා­ර­වල ආර­ක්ෂාව තර කර ඇති බවත් බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණී දිසා­නා­යක මහතා දින­මිණ කළ විම­සු­ම­කදී පැවැ­සීය.

තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ බන්ධ­නා­ගාර නිල­ධා­රින්ට ඒ සඳහා අව­ස්ථාව සලසා දෙන ලෙස බන්ධ­නා­ගාර මූල­ස්ථා­නය සියලු බන්ධ­නා­ගාර ප්‍රධා­නීන්ට දැනුම් දී තිබෙන බවද දිසා­නා­යක මහතා කීය.