මැතිවරණ දිනයේ යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මතු වන්නේ නම්, ඊට අවශ්‍ය උපරිම බලය යොදා එය මැඬ පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිසියට උපදෙස් දී තිබේ.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ උපදෙස් දී ඇත.
මැතිවරණ දිනයේදී රටේ සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා පොලිසියට දැනුම් දී තිබේ.