2024 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පවසයි.
ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවැසීය. මේ අතර මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතිය ද සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව ග්‍රාම නිලධාරි සංගම් පවසා තිබේ. සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ සියලුම ග්‍රාම නිලධාරින් ඒ සඳහා එක්වී ඇති බවය.
මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්ද හිමියන්ට අදත් (21) තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.