සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට

09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 දී ජනතාවට තම නායකයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සැලසෙන බව සඳහන්.

එමෙන්ම වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වූ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා.

ඔවුන් අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයකට වැඩි පිරිසක් සුදුසුකම් ලබාගෙන තිබෙන බව සඳහන්.